කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය නොවැම්බර් මස 5 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය අද (25) නියෝග කරණු ලැබුවා .
කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරියව පසුගිය ඔක්තෝබර් 13 දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා .
මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් වංචා විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකුට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත්කරමින් ආගමන විගමන පාලකයවරයාට අත්තනෝමතික ලෙස ලිපියක් යොමු කිරීම සහ අදාළ නඩු ගොනුව අස්ථානගත කිරීම හේතුවෙන් රෙජිස්ට්‍රාර්වරිය අත්අඩංගුවට ගනු ලැබුවා.
