රාජ්‍ය ඇමැති ඩයනා ගමගේ මහත්මියට තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීමට ඉඩ ලැබෙන්නේද නැතිද යන තීන්දුව අභියාචනාධිකරණය විසින් අද (31 ) නිකුත් කිරීමට නියමිතය.

ඒ අනුව බ්‍රිතාන්‍ය පුරවැසියකු වන ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් දැරීමට නීතිමය අයිතියක් නොමැති බවට නිගමනය කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් මහතා විසින් එම නඩුව පවරා තිබිණි.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, එම්.ඒ.ආර්. මරික්කාර් සහ ඛේමා ස්වර්ණාධිපති යන විනිසුරු මඬුල්ල හමුවේදී එම පෙත්සම් විභාගය පැවැත්වීමෙන් අනතුරුව පසුගිය 18 වැනිදා තීන්දුව නිකුත් කිරීමට දින නියම කර තිබිණි.

කෙසේ නමුත් එකී තීන්දුව නිකුත් කිරීම අද (31 දා) දක්වා කල්තැබීමට එදින නියම කෙරිණි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page