කොළඹ විහාරමහාදේවී උද්‍යානය නැවත වරක් කොළඹ මහ නගර සභාවට පවරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදී ඇත .
කොළඹ මහ නගර සභාව යටතේ පැවති විහාරමහාදේවී උද්‍යානය 2011 වසරේ දී නවීකරණ කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගත් අතර
නාගරික සංවර්ධන අධිකාරිය ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක කළ කොළඹ අගනගර ආශ්‍රිත නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ විහාරමහාදේවී උද්‍යානය නවීකරණය කර 2013 වසරේ දී විවෘත කර තිබුණි.
මේ වන විට නවීකරණය කරන ලද විහාරමහාදේවී උද්‍යානය නැවත කොළඹ මහ නගර සභාවට පවරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත .
