මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඇතුළු දසදෙනකු මුදාහැරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ලබාදුන් නියෝගය අත් හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කරයි.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ නීතිපතිවරයා ගොනු කොට කොට තිබූ විශේෂ අභියාචන පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙමිනි.
කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුවට ද අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය තවත් අතුරු නියෝගයක් නිකුත් කරන ලදි.
මෙම විශේෂ අභියාචනය පෙත්සම මුර්දු ප්‍රනාන්දු , ප්‍රීති පද්මන් සූරසේන , දිලිප් නවාස් , ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් සලකා බැලිණි.
නීතිපති වෙනුවෙන් ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා පෙනී සිටියාය
