මුදල් වංචාවක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි .
බත්තරමුල්ල, උඩුමුල්ල ප්‍රදේශයේ පුද්ගලික සමාගමකට අයත් ගොඩනැගිල්ලක් හා ගෙවත්තක් අළුත්වැඩියා කිරීම සඳහා රුපියල් අනූනව ලක්ෂ හතළිස් තුන්දහස් ඒකසිය අටයි සත තුනක් (9,943,108.03) ක් මුදලක් එම සමාගමෙන් අයකරගෙන එම වටිනාකමට ඉදිකිරිම් නොකර මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ විමර්ශණ ඒකකයට පැමිණිල්ලක් කර ඇත.
එම පැමිණිල්ලට අනුව අදාළ සැකකරු හා සැකකාරිය වන 31 හැවිරිදි විගිනේස්වරන් ගනේෂන් හා 36 හැවිරිදි නිරෝෂනි රාජරත්නම් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශණයක් ආරම්භ කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ස්ථානාධිපති විශේෂ අපරාධ විමර්ශන අංශය 0718137373/0112852556
