ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් හිමියකු වන ජාතික ඉතිරිකිරීමේ බැංකුව සිය කොටස් හිමිකාරීත්වය ඊයේ (09) දිනයේ දී විකිණීමට පියවර ගෙන ඇත .
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කොටස් මිලියන 13.15 ක හිමිකාරීත්වය ජාතික ඉතිරිකිරීමේ බැංකුව සතුව පැවතුණු අතර ඒය ඒම ආයතනයේ 5 වන විශාලම කොටස් හිමිකාරිත්වයයි.
ඒ අනුව අද දිනයේ දී එක් කොටසක් රුපියල් 96.00 බැගින් අලෙවි කර ඇති අතර ඒම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රුපියල් බිලියන 1.26 ක් වී ඇත
මෙහිදී ගැනුම්කාර පාර්ශවය පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර යම්හෙයිකින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අංක එකේ කොටස් හිමියා වන මහා භාණ්ඩාගාර විසින් මෙම කොටස් මිල දී ගැනීම සිදුකර තිබුණේ නම්, මහා භාණ්ඩාගාරය සතු ටෙලිකොම් කොටස් අයිතිය 50% සීමවා ඉක්මවා යනු ඇත.
