මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මධ්‍යම පරිසර අධිකාරියේ කාර්යාලයේදී ඊයේ (10) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබා ගැනිමෙදි සභාපතිවරයා සමග රියදුරෙකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීහු විසින් සදහන් කරයි
දැවි තෙල් පිරිසිදු කිරිමේ ව්‍යාපෘතියක් වෙනුවෙන් පරිසර ආරක්ෂණ බලපත්‍රය නිකුත් කිරීම සඳහා ඔවුන් අත්අඩංගුවට ගත් අතර අල්ලස් ගැනීම සම්බන්ධයෙන් මේ වසරේ අත්අඩංගුවට ගනු ලැබූ ඉහළම රජයේ නිලධාරියා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපත වන අතර සැකකරුවන් අද (11) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම අල්ලස් ගැනිම සම්බන්ධයෙන් අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට තොරතුරු ලැබි ඇති අතර අමාත්‍යවරයා අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇති බවත් එ අනුව ක්‍රියාත්මක වු නිලධාරී කණ්ඩායම අදාළ ස්ථානයට ගොස් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත .
