ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව නිකුත් කර ඇති අතුරු නියෝගය විසුරුවා හරින ලෙස ඉල්ලා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අභියාචනාධිකරණය හමුවේ සිය විරෝධතාවය ගොනු කර ඇත.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සිය නීතිඥ ජී. ජී අරුල්ප්‍රගාසම් මහතා මගින් මෙම විරෝධතාවය ගොනු කරනු ලැබ ඇත.
ෂම්මි සිල්වා මහතා අභියාචනාධිකරණයෙන් අතුරු නියෝගයක් ලබා ගෙන ඇත්තේ අධිකරණයට ව්‍යාජ කරුණු ඉදිරිපත් කර අධිකරණ නොමග යවමින් වැරදි තොරතුරු අඩංගු ප්‍රකාශයක් ද අධිකරණයට ඉදිරිපත් කර ඇත.
මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ යටි අරමුණකින් බවත් ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් තමන්ගේ අරමුණ වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ඇති දූෂණ හා මූල්‍ය අක්‍රමිකතා මුලිනුපුටා දමා මූල්‍ය විනයක් ඇති කොට ක්‍රීඩාව දියුණු කිරීමට බවත් සදහන් …
එ බැවින් අදාළ පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමන ලෙස ද ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව නිකුත් කර ඇති නියෝගය විසුරුවා හරින ලෙසද ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සිය විරෝධතා මගින් ඉල්ලා සිටියි.
