අයහපත් කාලගුණය හා අධික වර්ෂාව හේතුවෙන් ඊයේ (12) රාත්‍රී බලංගොඩ ගවරංහේන, වැහිංතැන්න ප්‍රදේශයේ පස්කන්දක් නායයෑමෙන් එකම පවුලේ පුද්ගලයින් සිව්දෙනෙකු අතුරුදන්වී ඇති බව පොලීසිය සදහන් කරයි.
එම ප්‍රදේශයට බලපෑ වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ පස්කන්ද නාය ගොස් නිවාස 3 කට හානි සිදුව ඇති බවත් එක් නිවසක සිටි මව, පියා සහ දියණියන් දෙදෙනා මේ වන විට අතුරුදන්ව ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි .
ඔවුන් පස් කන්දට යටවී ඇත් ද එසේත් නොමැති නම් නායයාමත් සමඟ වෙනත් ස්ථානයකට ගොස් ඇතිද යන්න පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
