මාලබේ ප්‍රදේශයේ තෙමහල් ගොඩනැගිල්ලක කාමරයක තිබී දින තුනකට පමණ පෙර අභිරහස් ලෙස මියගොස් සිටි පුද්ගලයකුගේ මළ සිරුරක් සොයාගත් බව මාලබේ පොලීසිය සදහන් කරයි.

මෙසේ මියගොස් ඇත්තේ පොලොන්නරුව නව නගරය අක්කර 500 අංක 381 හි පදිංචි විජේසූරිය මුදියන්සේලාගේ ප්‍රණීත් මධුෂාන් විජේසූරිය නමැති 28 හැවිරිදී පෞද්ගලික ආයතනයක විදුලි සුපවයිසර්වරයකු ලෙස සේවය කරන අයෙකි.

මෙම පුද්ගලයා වසර අටක පමණ සිට කොළඹ ප්‍රදේශයට පැමිණ බෝඩිමක රැඳී සිටිමින් රැකියාව කර ඇති අතර

දින කිහිපයක් සේවයට නොපැමිණීම හේතුවෙන් ඔහු සේවය කල ආයතනයේ සේවකයින් පිරිසක් බෝඩිමට පැමිණ ඇති අතර කාමරය වසා තිබූ නිසා ඔහු පිළිබඳව බෝඩිමේ හිමිකරුගෙන් විමසීමේදී ඔහුද කාමරය අසලට ගොස් සොයා බැලීමේදී කාමරය තුළින් අධික දුගඳක් වහනයවීම නිසා ඒ බව මාලබේ පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව නිලධාරීන් පැමිණ කාමරයට ගොස් පරීක්ෂා කිරීමේදී මියගිය පුද්ගල මළ සිරුර සොයාගත් බව පැවසේ.

ඒ අනුව සිද්ධිය වූ ස්ථානයට තලංගම හදිසි මරණ පරීක්ෂිකා සාමවිනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදු කොට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය අයි.ඩී.එච්. රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කරන ලදි.

ඒ අනුව මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අයි.ඩී.එච්. රෝහලේ දී සිදුකිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය වූ ස්ථානයට නුගේගොඩ කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් පැමිණ පරීක්ෂණයක්ද ආරම්භ කර ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page