මිලියන 3 ක දියවැඩියා රෝගින් ඇති ශ්‍රී ලංකාව දකුණු ආසියානු රටවල් අතරින් දියවැඩියා රෝගය ඉහළ මට්ටමක ඇති රටක් ලෙස හදුනාගනිමින් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

අදට යෙදී ඇති දියවැඩියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව සඳහන් කර ඇත.

දියවැඩියා රෝගය වර්තමානයේ බෝනොවන රෝග අතර ප්‍රධාන තැනක් ගෙන ඇති අතර ලෝකයේ වෙනත් රටවල් හා සන්සන්දනය කිරීමේදී ශ්‍රී ලංකාව තුළ ඉතාමත් වේගයෙන් මෙම රෝගය ව්‍යාප්ත වෙමින් පවතීයි.

එසේම තරුණ, මහලූ පිරිස අතර පමණක් නොව පාසල් වියේ දරුවන් පවා මේ රෝගයට ගොදුරු වීම බරපතළ ගැටලූවක් බවට පත් වී ඇත. මේ නිසා දියවැඩියා රෝගය පාලනය කර ගැනීම සමාජ අවශ්‍යතාවක් මෙන්ම සමාජ වගකීමක් බවටද පත්වී ඇති බව කිව යුතුය.

වැඩිහිටි ජනගහනයෙන් සියයට 20 ක් පමණ මේ වන විට දියවැඩියා රෝගීන් සිටින බවත් දකුණු ආසියානු රටවල් අතරින් දියවැඩියාව ඉහළ මට්ටමක පවතින රටක් ලෙස ලංකාව හැදින්විය හැකි බවත් සදහන් .

ඒ සඳහා බලපාන ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. අපේ ජීවන රටාව ඉස්සරට වඩා වෙනස් විම හේතුවෙන් ආහාර රටාව වෙනස් වීම, ව්‍යායාම නොකිරීම වගේ ජීවන රටාවේ වෙනස් වීම් පළමු හේතුවයි.

දෙවන හේතුව ලෙස අපගේ ජානවලින්ම ආසියාවේ ජනතාවට දියවැඩියාව වැළඳීමේ ප්‍රවණතාවය වැඩියි.

මේ හේතුව නිසාත් ආසියානු කලාපයේ දියවැඩියාව ව්‍යාප්තියේ වැඩිවීමක් දක්නට ලැඛෙනවා. මීට අමතරව ආසියානු කලාපයේ ආයු වෙනදාට වඩා දැන් ඉහළ අගයක් ගන්න නිසා දියවැඩියාව තියෙන ප්‍රතිශතය වැඩි වෙනවා. ඒ නිසාත් දියවැඩියාව මේ කලාපයේ ඉහළ අගයක් ගැනීමට හේතු වී තිඛෙනවා.

දියවැඩියාව හේතුවෙන් අපිට බොහෝ රෝග හැදෙන්න පුළුවන්. දියවැඩියාව රුධිර වාහිනිය ආශ්‍රිත රෝගවලට ප්‍රධානම හේතු සාධකයක්. දියවැඩියාව තිඛෙන අයට හෘදයාබාධ හැදෙන්න පුළුවන්, අංශභාගය හැදෙන්න පුළුවන්, ඔවුන්ගේ කකුල්වලට බලපාන්න පුළුවන්. මේ ආකාරයට සියලූම රුධිර නාලවලට බලපාන්න පුළුවන්.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page