ජනාධිපතිවරයා බුදුදහම පදනම් කරගනිමින් අයවැය කතාව ආරම්භ කිරිම තුළින් බුදුදහමටද සිදු කළේ නිග්‍රහයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කර සිටි .
අපායන් පිළිබඳ නිරන්තරයෙන් කතා කියමින්, පාලකයින් දිව්‍ය ලෝකයට ගෙන යන්නට කටයුතු කරන මේ අයවැය සැබවින්ම ජනතාව රැවටීමට ගත් තවත් උත්සාහයක් බව ඔහු සදහන් කරයි
විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයාගේ අයවැය කතාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
වැඩ කරන ජනතාවගේ ජන ජීවිත ශක්තිමත් කිරීමට ඇති වැඩපිළිවෙළ පිළිබඳ කතා කිරීමට පෙර 2022 වර්ෂයේ ඉදිරිපත් කළ අයවැය යෝජනාවල තිබුණු වූ කරුණු කොපමණ ප්‍රමාණයක් ඉටු කිරීමට හැකිවූවාද යන්න යළිත් සිතා බැලිය යුතු බව විපක්ෂ නායකවරයා සදහන් කරමින් සිටි .
IMF සමඟ එළඹි ගිවිසුමෙහි ආදායම් ඉලක්ක සම්පූර්ණ කර ගත නොහැකිව එහි දෙවැනි වාරිකය ලබාගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති මොහොතක ජනාධිපතිවරයා සිල්ලර අයවැයක් ඉදිරිපත් කර ඇති බවත් ඔහු චෝදනා කරයි.
අයවැය කතාවේ ඇතැම් අංශ පිළිබඳ දත්ත මන්ත්‍රීවරුන්ට ලබා දීමටත් පෙර මාධ්‍ය වෙත ලබාදීම තුළින් පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය අභියෝගයට ලක් කිරීමට කටයුතු කර ඇති අතර එය රටේ ජනතාව රැවටීමට යොදා ගත් මාධ්‍ය සංදර්ශනයක් බවත් ඔහු සදහන් කරයි .
සංගණනයට අනුව ලක්ෂ 30 සිට 70 දක්වා ලක්ෂ 40කින් දුප්පත්කම වැඩි වී ඇති බවත්, අස්වැසුම පවා විද්‍යාත්මක නොවන වැඩසටහනක් වීම හේතුවෙන් නිසි ප්‍රථිඵල ලගාකර ගැනීමට නොහැකි වූ බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි .
