පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මුලික කරගත් සිද්ධිය සම්බන්ධයෙන් කථානායකවරයා විසින් පත්කරන ලද පාර්ලිමේන්තු කමිටුවේ වාර්තාව කමිටු සභාපති නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ඊයේ (14) කථානායකවරයා වෙත භාරදි ඇත.

2023 ඔක්තෝබර් 20 වනදා
පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඩයනා ගමගේ මන්ත්‍රීවරිය, රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන් අතර ඇතිවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මෙම වාර්තාව මගින් කරුණු වාර්තා කර තිබේ.

පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ සිදුවූ සිදුවීම පිළිබඳව සොයාබැලීමට පත් කළ අදාළ කමිටුවේ සාමාජිකයන් ලෙස චමල් රාජපක්ෂ, රමේෂ් පතිරණ, ගයන්ත කරුණාතිලක, ඉම්තියාස් බාකීර් මාකාර්, නීතිඥ තලතා අතුකෝරල සහ රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල යන පිරිස කටයුතු කළහ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page