අධිවේගී මාර්ග විකිණීමට හෝ දිමට ක්‍රියා නොකරන බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (22) සදහන් කර සිටියා.

අද දිනයේ අධිවේගී මාර්ගයේ සේවකයින් විසින් ක්‍රියාත්මක කල වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් අධිවේගී මාර්ගයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සිදු නොකල අතර මුදල් එකතු කිරීම ත්‍රිවිධ හමුදාව විසින් සිදුකරන ලදි .

අධිවේගී මාර්ගවල සේවකයන්ගේ වැඩවර්ජනය හරහා රටේ ආදායම අහිමි කිරීමේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වන්නේ නම් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා සදහන් කර සිටියා

මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් වර්ජනයක යෙදිලා ඉන්නවා. අධිවේගී මාර්ගයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරන යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කිරීමට පවා ඉඩ දීලා නැහැ. ඒවා ඔවුන් බාරයට ගෙන තිබෙනවා.මේවා රාජ්‍ය දේපළ. මේ දේවල් නොකරන ලෙසට අපි දැනුම් දීලා තියෙනවා. ඒ රාජ්‍ය දේපළ ආපසු බාර දීල හමුදාවට අවශ්‍ය සහාය දෙන්න කියලා ඉල්ලා සිටිනවා

රාජ්‍ය ආදායම අහිමි වීම සහ මේ අය කරන තර්ජනය පිළිබඳව අපි පොලිසියට පැමිණිලි කළා. මෙතන මොනවා හරි කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිද්ධ වුණහොත් රජය ඊට විරුද්ධව ක්‍රියා කරනවා.

පොලීසියට සහ හමුදාවට යන්ත්‍ර යන්ත්‍රසූත්‍ර නැතුව ටිකට් පත්‍ර නිකුත් කිරීමට ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා. රට ආර්ථික වශයෙන් පවතින තත්වය යටතේ ආදායමක් මේ විදිහට අහිමි කිරීම බරපතළ අපරාධයක් බවත් ඔහු වැඩිදුරටත් සදහන් කලා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page