ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාත පහළ දමා ඇත.
ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් සදහා වන පොලි අනුපාතිකය සියයට 9 දක්වා සහ නිත්‍ය ණය පහසුකම් සදහා පොලී අනුපාතිකය සියයට 10 දක්වා ද පදනම් අංක 100 කින් අඩු කර තිබේ.
මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සිය දෙවන මුදල් ප්‍රතිපත්ති සමාලෝචනය ඊයේ පවත්වන අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත.
