දූෂණයට සහ වංචාවට එරෙහිව කටයුතු කිරීම උත්සාහ දැරීම නිසා අවසානයේ තමාව ඇමති ධූරයෙන් ඉවත් කර ඇති බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සදහන් කර සිටී.

ක්‍රීඩා යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාව ජනාධිපතිවරයා විසින් එම ධුරවලින් ඉවත් කිරීමෙන් පසු ඊයේ (27) පස්වරුවේ ඔහු ඒ බව සදහන් කර සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ක්‍රිඩා අමාත්‍යවරයා.

මම හැට නම ලක්ෂෙ ජනවරමේන් පත්වුවෙක් ඡන්ද ප්‍රතිශතයට අනුව ලංකාවෙ 10 වෙනියා. මාව ඉවත් කරන්න ජනාධිපතිවරයාට සදාචාරයක් තියෙන්නේ කොහොමද කියලා මට හිතාගන්න බැහැ.

මීළඟට පත් වීමට නියමිත ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් එකේ සාක්කුවට නොවැටී නිවැරදි ක්‍රියාමාර්ග ගන්නේ නම් පමණක් අපේ රටේ ක්‍රීඩාව යළි නිසි මඟට ගත හැකි බව රොෂාන් රණසිංහ මහතා තවදුරටත් සඳහන් කළා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page