වසර හතරකට ආසන්න කාලයක් රාජකාරි කළ පොලිස්පති දුරයේ සහ වැඩබලන පොලිස්පති ධුරයේ කටයුතු කල සී. ඩී. වික්‍රමරත්න මහතා පසුගිය 24 වැනිදා සිය ධුරයෙන් විශ්‍රාම යන බව සදහන් කර ඇත .
සී. ඩී. වික්‍රමරත්න මහතා විශ්‍රාම ගිය ද මේ වන තුරුත් ඒ වෙනුවෙන් නව පොලිස්පතිවරයකු පත් කිරීම මේ වන තුරු කටයුතු කර නැත.
පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සදහන් කරන පරිදි ඒ මහතා සිය නිල කාමරයේ තිබූ තමන්ට අයත් සියලු භාණ්ඩ සහ ලිපිගොනු ඉවත්කර ගැනිමට කටයුතු සිදු කර තිබේ .
ව්‍යවස්ථාදායක සභාවට මේ වන තුරු නව පොලිස්පතිවරයකු සඳහා නමක් ඉදිරිපත් කර නොමැති බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි .
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ලලිත් පතිනායක, දේශබන්ධු තෙන්නකෝන් සහ ප්‍රියන්ත වීරසූරිය යන මහත්වරුන්ගෙන් එක් අයකු වැඩබලන පොලිස්පති ධුරය සඳහා පත් කිරීමට නියමිතයි
සී. ඩී. වික්‍රමරත්න මහතාට අවස්ථා 4 කදීම සේවා දීර්ඝ කිරීම් ලබා දීමට රජය කටයුතු කළ අතර අවස්ථා දෙකකදීම එම පත්වීම් ප්‍රතික්‍ෂේප කිරීමට ව්‍යවස්ථාදායක සභාව කටයුතු කර තිබිණි.
