ශ්‍රී ලංකා මහ බැංකුවේ නිකුතු නිෂ්කාශනාගාරයේ ලක්ෂ පනහේ මුදල් බණ්ඩලයක් සොරකම් කිරීමේ සම්බන්ධයෙන් පරීක්ෂණ දෙකක් පැවැත්වෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (28) සදහන් කර සිටියා.
ඒම පරීක්ෂණ දෙක
සහකාර අධිපතිවරයකුගේ ප්‍රධානත්වයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් පරීක්ෂණයක් ලෙස වේ.
රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පාර්ලිමෙන්තු මන්ත්‍රි නිරෝෂන් පෙරේරා යොමු කල ප්‍රශ්නයට පිලිතුරු දෙමිනි.
මහ බැංකුව මේ ගැන අභ්‍යන්තර පරීක්ෂණයක් කරනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් පරීක්ෂණයක් කරනවා. මේ විමර්ශන අවසානයේ තමයි පැහැදිලිවම මොකක්ද වෙලා තියෙන්නෙ කියලා දැකබලා ගන්න පුළුවන් වෙන්නේ. විමර්ශන කටයුතු ඉක්මන් කරන්න කියලා මහ බැංකු අධිපතිතුමා පොලිස්පතිට කියලා තියෙනවා. විමර්ශන අවසන් වුණාම ඒ පිළිබඳව දැනුම් දෙන්නම්.
