ජේශ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා
වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (29) පත්කර ඇත.
පොලිස්පති ධුරයේ සේවා දිගු තුනක් ලබා ගත් හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පසුගිය 24 වනදා විශ්‍රාම ගිය අතර ඒ වෙනුවට වැඩබලන පොලිස්පති ලෙස ජේශ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාව පත්කර තිබෙනවා .
