එක්දින තරඟ තුනකින් සහ විස්සයි විස්ස තරඟ තුනක් සමගින් සිම්බාබ්වේට එරෙහිව දේශීය තරඟාවලියක් සමඟින් 2024 ශ්‍රී ලංකා ක්‍රිකට් කාල සටහන ආරම්භ කරන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි .

ඒ අනුව 2024 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරඟ 10ක්, එක්දින තරඟ 21ක් සහ විස්සයි විස්ස තරඟ 21ක් ක්‍රිඩා කිරීමට නියමිතයි .

සිම්බාබ්වේ තරගාවලියේන් අනතුරුව ජනවාරි-පෙබරවාරි කාලසීමාව තුළ ඇෆ්ගනිස්ථානයට එරෙහිව එක් ටෙස්ට් තරඟයක්, එක්දින තරඟ තුනක් සහ විස්සයි වීස්ස තරඟ තුනකින් සමන්විත තරඟාවලියක් පැවැත්වීමට නියමිතය.

පසුව බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන ICC විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම බංග්ලාදේශයෙ පැවැත්වෙන තරගාවලියට පිටත්ව යාමට නියමිතව ඇත.

2024 වසරේදී ඉන්දියාව, නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් සංචාර සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසයි .

වසර මැද භාගයේදී එංගලන්තයේදී තරඟ තුනකින් යුත් ටෙස්ට් තරඟාවලියකට ද තරඟ වදින ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව සහ නවසීලන්ත සංචාර වලින් අවසන් කරයි .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page