පවතින ආර්ථික අර්බුදය හමුවේ රජය ගනු ලැබූ ජනප්‍රිය නොවන තීරණවල ධනාත්මක ප්‍රතිඵල 2024 මුල් කාර්තුවේදී ම ජනතාවට ලැබුණු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා විශ්වාසය පළ කරයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ දෙවැනි වාරිකය නුදුරේ දීම හිමි වනු ඇති බවයි. ඒ අනුව ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව තව දුරටත් ශ්‍රී ලංකාවෙ වෙත ණය පහසුකම් ලබා දීමට නියමිත අතර දැනට අතරමග නවතා දමා ඇති සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට හැකි වනු ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
සේමසිංහ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය මගින් සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකට එක් වෙමිනි.
විදේශීය ණයහිමි පාර්ශව ප්‍රතිව්‍යුහගතකරණයට කැමැත්ත පළ කිරීමට ශ්‍රී ලංකාව ලබා ගත් ජයග්‍රහණයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් අදාළ රටවලට සිය කෘතඥතාව පළ කළේ ය. ඒ අනුව ලබන වසරේ මුල් කාර්තුව මෙරට ජනතාවට වඩාත් හිතකර ප්‍රතිඵල ලැබෙනු ඇතැයි කියා සිටි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුව මගින් සම්මත කිරීමට යෝජිත අණපනත් ද ඊට හේතු වන බවයි. විනිවිදභාවය සහ මූල්‍ය විනය ශක්තිමත් කිරීමට සඳහා රජය දැනටමත් පියවර රැසක් ගෙන තිබේ.
දූෂණ විරෝධී පනත් කෙටුම්පත, පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය ස්ථාපනය කිරීම වැනි කරුණු පෙන්වා දුන් අමාත්‍යවරයා කියා සිටියේ 2024 පළමු කාර්තුව තුළ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත වැනි අණපනත් ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
රජයේ වැඩපිළිවෙළ පිළිබඳ විවේචන ඉදිරිපත් කරන කිසිදු පාර්ශ්වයක් ප්‍රායෝගිකව විසඳුම් ඉදිරිපත් කිරීමට අපොහොසත් ව ඇති බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේ ය. ඒ අනුව රජයේ ගමන් කරනු ලබන්නේ නිවැරදි මාවතේ බව ඕනෑම පාර්ශවයකට අවබෝධ කර ගැනීමට හැකි බවත් ලැබෙමින් පවතින ප්‍රතිඵල එය තව දුරටත් තහවුරු කර ගැනීම සඳහා හේතු වන බවත් සේමසිංහ මහතා වැඩි දුරටත් කියා සිටියේ ය.



