ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය කාර්යාලය කොළඹ 07 පිහිටි ක්‍රීඩා අමාත්‍යාංශ ගොඩනැඟිල්ලට ගෙන ඒන ලෙස අමාත්‍ය හරීන් ප්‍රනාන්දු උපදෙස් ලබාදී ඇත.
ඊට අදාළ ලිපිය හරින් ප්‍රනාන්දු ඇමැතිවරයා විසින් රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා වෙත පසුගිය 30 වැනිදා නිකුත් කර ඇත.
රාජ්‍ය ඇමැතිවරයාගේ කාර්යාලය සහ ක්‍රීඩා සංවර්ධන යටිතල පහසුකම් අංශය ද ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය අතර ඒ අනුව රාජ්‍ය ඇමැතිවරයාගේ කාර්යාලය මෙන්ම ක්‍රීඩා සංවර්ධන යටිතල පහසුකම් අංශය ද ක්‍රීඩා අමාත්‍යාංශයේ ස්ථාපිත කරන ලෙස ක්‍රීඩා ඇමැතිවරයා දැනුම් දී ඇත.
ඒ අනුව ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා අමාත්‍යවරයාට වෙන්වූ කාර්යාලයේ 4 වන මහලේ පිහිටි අමාත්‍යාංශ කාර්යාලයේ කොටසක රාජ්‍ය ඇමැති කාර්යාලය ද ස්ථාපිත කරන ලෙස එම ලිපියෙන් දැනුම් දී තිබේ.
ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ කුලී පදනම මත පවත්වාගෙන ගිය ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය කාර්යාලයට මසකට රුපියල් ලක්ෂ 42 ක් පමණ වැය වන බව දන්වමින් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා මෙම ලිපිය රාජ්‍ය අමාත්‍යවරයාට නිකුත් කර ඇත.
ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යාංශ ගොඩනැඟිල්ල කොළඹ 07 ක්‍රීඩා අමාත්‍යාංශ ගොඩනැඟිල්ලේ ස්ථාපිත කිරීමෙන් වසරකට ඉතිරි වන රුපියල් කෝටි 05 කට ආසන්න මුදලක් ඉතිරී කල හැකි බවත් ඒය ක්‍රීඩා සංවර්ධන අරමුදලට බැර කරන ලෙසද ක්‍රීඩා අමාත්‍යවරයා දැනුම් දී ඇත.
