මෙරට ආර්ථික මර්මස්ථානයක් වන ලංකා බැංකුව හා මහජන බැංකුව කොටස් වලින් සියයට 20 ක් ව්‍යාපාරික හිතවතුන්ට විකුණා දැමීමට සැලසුම් කර ඇති බව ලංකා බැංකු සේවක සංගමය චෝදනා කරයි.

මෙවර අයවැය යෝජනාවලිය මගින් උපායමාර්ගික ආයෝජන ලෙස පවසමින් මෙම සැලසුම ක්‍රියාත්මක කරමින් ඇති බව එම සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මහතා පවසා සිටී.

ඒ අනුව මෙම තීරණයට එරෙහිව විරෝධය පළ කරමින් රට පුරා විරෝධතාවන් සහ දැනුවත් කිරිමේ සම්මේලන මාලාවක් පැවැත්වීමට තීරණය කර ඇති බවද එම සංගමය පවසයි

සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රාජ්‍ය බැංකු විකිණීම සාමූහික ගිවිසුම් තහනම අසාධාරණ බදු අය කිරීම ඇතුළු සටන් පාඨ කිහිපයක් මූලික කරගනිමින් පළාත් මට්ටමින් මෙම විරෝධතා මාලාව මාලාව පවත්වන බවයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page