ස්ථාන තුනක පිහිටි පිටකොටුව බස් නැවතුම් කොටුව දුම්රිය ස්ථානයට යාබදව ස්ථානයක බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන යාමට අවධානය යොමුව ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ මහතා සදහන් කරයි .

ඒ අනුව ශ්‍රී ලංගම මධ්‍යම බස් නැවතුම්පොළ , බැස්ටියන් මාවත හා ගුණසිංහපුර පිහිටි පෞද්ගලික බස් නැවතුම්පළවල් දැනට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය පවත්වාගෙන යන ආකාරයට බස් රථ නතර කර තැබිය හැකි වන පරිදි මෙම ස්ථානය ගොඩනගන බව ද ලේකම්වරයා සඳහන් කරයි

කොළඹ නගරයට පැමිණෙන බස් රථ වෙනත් ස්ථානයක ගාල් කර තිබී පිටත්වන වේලාවට පමණක් බස්නැවතුම්පොළට පැමිණීම දැනට සිදුවන බව ත්, ඒ අනුව මගීන්ට මෙන් ම රියැදුරන්ට පහසු වන පරිදි නව බහුවිධ මධ්‍යස්ථානය ගොඩනැගීමට නාගරික සංවර්ධන අධිකාරිය සමග සාකච්ඡා කරගෙන යන බවත් ඔහු පවසයි.

කොළඹ නගර අලංකරණ සැලැස්ම යටතේ එම භූමි පෞද්ගලික අංශය සමග එක්ව වාණිජමය කටයුතුවලට යොදා ගැනීමට හා සංවර්ධනය කරමින් ආයෝජන ව්‍යාපෘතිවලට යොදා ගැනීමට රජයේ අවධානය යොමුව තිබේ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නගර අලංකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීම හා බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචනය වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳව අවධානය යොමුව තිබේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page