දිවයින පුරා විශ මත්ද්‍රව්‍ය බෙදා හරිනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදාහරින්නන් සොයා ක්‍රියාත්මක කෙරෙන ‘යුක්තිය’ විශේෂ මෙහෙයුම් ඉදිරි සතිය තුළ ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහල් තල්දුව මහතා අද (15) පවසා සිටියා .

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි දිවයින පුරා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, බෙදාහරින්නන් හා මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම ද මෙම වැඩසටහනේ අරමුණ බවද ඔහු පවසයි.

සෑම පොලිස් කොට්ඨාසයකම කොට්ඨාශ භාර නිලධාරියෙකුටම විශේෂ දුරකථන අංකයක් ලබාදී ඇති අතර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ බෙදා හරින්නන් පිළිබඳ තොරතුරු එම දුරකථන අංකයට ලබාදීමට හැකි බවත් එම දුරකථන මගින් තොරතුරු ලබාදෙන්නාගේ අනන්‍යතාවය තහවුරු නොවන අතර රහස්‍යභාවය උපරිම අයුරින් සුරකින බවත් ජනතාවගේ සහාය පොලිසියට අවශ්‍ය බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඒ අනුව පහත සදහන් අංකයන්ට තොරතුරු ලබා දිය හැක. කොළඹ උතුර 0718598801, කොළඹ දකුණ 0718598803, කොළඹ මධ්‍යම 0718598804, නුගේගොඩ 0718598805, ගල්කිස්ස 0718598806, ගම්පහ 0718598807, මීගමුව 0718598808, කැලණිය 0718598809, පානදුර 0718598810, කළුතර 0718598811, මාතර 0718598812. තංගල්ල 0718598813 ගාල්ල 0718598814,ඇල්පිටිය 0718598815. මහනුවර 0718598816. මාතලේ 0718598817, තෙල්දෙණිය 0718598818, ගම්පොළ 0718598819. නුවරඑළිය 0718598820. හැටන් 0718598821, කුරුණෑගල 0718598822, කුලියාපිටිය 0718598823, නිකවැරටිය 0718598824, පුත්තලම 0718598825. හලාවත 0718598826. අනුරාධපුර 0718598827. පොලොන්නරුව 0718598828, කැබිතිගොල්ලැ 0718598829, රත්නපුර 0718598830, ඇඹිිලිපිටිය 0718598831, කෑගල්ල 0718598832, සීතාවකපුර 0718598833, යාපනය 0718598834. කන්කසන්තුරේ 0718598835. වව්නියා 0718598836, මන්නාරම 0718598837. කිලිනොච්චි 0718598838, මුලතිව් 0718598839, මඩකලපුව 0718598840. අම්පාර 0718598841, ත්‍රිකුණාමලය 0718598842. කන්තලේ 0718598843. බදුල්ල 0718598844. බණ්ඩරවෙල 0718598845, මොනරාගල 0718598846

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page