දරුවන්ගේ මානසික පීඩනය සහ මවුපියන්ගේ මානසික හා ආර්ථික පීඩනය අවම කිරීම සඳහා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන වසරේ සිට සරල කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කර සිටිනවා.
ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් විවිධ යෝජනා ගණනාවක් ලැබී ඇති බවත් එම යෝජනා අධ්‍යයනය කරමින් සිටින බවත් ශිෂ්‍යත්ව විභාගයේදී සාක්‍ෂර හැකියාව සහ අංකන හැකියාව මැන බැලීමට විශේෂ ප්‍රමුඛත්වය දෙන බව සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියා.
ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ඉදිරියේදී ශිෂ්‍යත්ව ලකුණු මෙන්ම 4 සහ 5 ශ්‍රේණිවල පන්ති කාමරයේදී ඇගයීම් වලින් සියයට තිහක් ලකුණු ලබාගත යුතු බවත්, ඒ සඳහා දරුවන් අඛණ්ඩව පාසල් පැමිණීම වැදගත් බවත් ය.
ශිෂ්‍යත්ව විභාගයේ සංකීර්ණ භාවය දරුවන්ගේ මනසට විශාල පීඩාවක් බව අධ්‍යාපනඥයෝ සහ මනෝ වෛද්‍ය විශේෂඥයෝ දීර්ඝ කාලයක් තිස්සේ රජයට පෙන්වා දී ඇති බවත් අධ්‍යාපනයේ වෙනස්කම් රැසක් ලබන වසරේදී සිදු කිරීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් සදහන් කරයි .
