පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරකාරියවසම් මහතාට විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයට අද දිනයේ පුන්නක්කු බාල්දියක් රැගෙන විරෝධතාවකරුවන් පිරිසක් පැමිණ ඇත.

නෙළුම් මාවතේ පිහිටි එම කාර්යාලය වෙත පැමිණි ජන අරගල ව්‍යාපාරයේ සාමාජිකයන් පිරිස පොදු ජන පෙරමුණේ මහ ලේකම් සහකාරකාරියවසම් මහතාට විරෝධය පළ කරමින් ඒම පක්ෂ කාර්‍යාලයට ඇතුළු විමට උත්සාහ කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සම්මේලනයේදී මහලේකම්වරයා විසින් කරන ලද ප්‍රකාශයකට ඔවුන් මෙලෙස දැඩි විරෝධය පළ කර ඇත

කෙසේ නමුත් කාර්යාලයට ඇතුළු වීමට අවස්ථාවක් ලබා නොදීම හේතුවෙන් ඔවුන් එම මාර්ගය ඉදිරිපිට විරෝධතාවය පළ කළ අතර ඔවුන් විසින් ගෙන එන ලද පුන්නක්කු බාල්දියක්ද පාර අයිනේ තබා තිබිණි .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page