ලොකු ළූණු ගෙන්වීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයා මාර්ගයෙන් ඉන්දියානු රජයට ලිඛිත ඉල්ලීමක් කර ඇති බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සදහන් කරයි .

ඒ සඳහා මේ සතිය තුළදී යහපත් ප්‍රතිචාර ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සදහන් කරයි .

⁣සාමාන්‍යයෙන් මසකට ලොකු ළූණු මෙට්‍රික් ටොන් 25,000 – 30,000ත් අතර ප්‍රමාණයක් අවශ්‍ය බවත් ඉන්දියාව ලොකු ළූණු අපනයනය නැවැත්වීම නිසා මෙරට ලොකු ළූණු කිලෝවක් රුපියල් 600 දක්වා මිල ඉහළ යාමක් සිදු වී ඇති බවත් සදහන් කරයි.

පාකිස්තානයද ලොකු ළූණු ඇනවුම් කිරිමේදි අත්පිට මුදලට පමණක් ලබා දිම හේතුවෙන් ආනයන කරුවන් අපහසුතාවට පත්ව ඇත .

මේ වන විට චීනය සහ නෙදර්ලන්තයෙන් ආනයන කරුවන් ලොකු ළූණු ඇණවුම් කර ඇති බවත් එම ඇණවුම් ලැබීමට තවත් මසක පමණ කාලයක් ගත වන බවත් වාර්තා වේ

ඇණවුම් කර දින පහක් හයක් ගතවීමට පෙර ඉන්දියාවෙන් තොග ලැබෙන බවත් ඉන්දියාව අපනයන සීමාව ඉවත් කරන්නේ නම් ඒය මෙම අර්බුදයට කඩිනම් විසඳුමක් වන බව ඔවුන් සදහන් කරයි

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page