කඩුවෙල මහ නගර සභාවට අයත් අතුරුගිරිය වල්ගම කාර්යාල ගබඩාවේ තිබූ රුපියල් ලක්ෂ 23 වටිනා ටයර් 34 ක් සොරකම් කල ඒම කාර්යාලයට අනුයුක්තව සේවය කල සෞඛ්‍ය කම්කරුවන් තිදෙනෙකු අතුරුගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම උප කාර්යාල ගබඩාවේ තිබූ ටයර් 34 ක ප්‍රමාණයක් නොවැම්බර් මස 27 ත් දෙසැම්බර් 03 දිනත් අතර කිසිවකු සොරාගෙන ගොස් ඇති බවට වල්ගම දිස්ත්‍රික් කාර්යාලයේ ස්ථාන භාර නිළධාරී විසින් සිදුකළ පැමිණිල්ලක් මත මෙම විමර්ශන කිරීමෙන් පසු මෙම සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට හැකිව ඇත.

මේ අතුරින් වයස අවුරුදු 41 සැකකරු දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍ය පානයට හුරු වී ඇති බවත් එම මත්ද්‍රව්‍ය පානය සදහා අනෙත් දෙදෙනාගේද සහය ඇතිව මෙම සොරකම් සිදු කර ඇති බවට ද පොලිසියට අනාවරණය වී ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page