ආනයනික භාණ්ඩ නිෂ්කාශනය සදහා ව්‍යාජ බදු අංක යොදා රේගුව හරහා මෙරටට භාණ්ඩය ආනයන කරන බවට තොරතුරු වාර්තා වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පවසයි.
මෙරටට භාණ්ඩ ගෙන්වීමේදී රේගුවෙන් භාණ්ඩ නිදහස් කර ගැනීමට බදු අංකයක් අවශ්‍ය වන බවත් එම බදු අංක ව්‍යාජ ලෙස සකසන බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ හේතුවෙන් රටට ලැබිය යුතු විශාල බදු ආදායමක් අහිමි වන බවත් මන්ත්‍රීවරයා සදහන් කර සිටියා.
ඇතැමුන් බොරැල්ල කනත්තේ මිහිදන් කල පුද්ගලයන්ගේ හැඳුනුම්පත් අංකවලට ද බදු අංක ලබාගෙන මෙරටට භාණ්ඩ ආනයනය කර ඇති බවට ද තොරතුරු තිබෙන බව මන්ත්‍රීවරයා සඳහන් කලා.
යම් කිසි භාණ්ඩයක් පළමුවන වරට ආනයනය කිරීම සඳහා ද එම භාණ්ඩවල වටිනාකමට අනුව තාවකාලික බදු අංකයක් අවශ්‍ය අතර එම බදු අංක ද ව්‍යාජ ලෙස සකසා එම භාණ්ඩ ආනයනය කරන බව ඔහු පවසයි.
