වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය ප්‍රබල පාතාල සාමාජිකයකු වන මාකඳුරේ මදූෂ් නමැත්තාගේ අනියම් බිරියක ඇතුළු කන්තාවන් පිරිසක් නැවතී සිටි නුවරඑළිය ලැගුම්හලක් පරීක්ෂා කළ පොලිසිය එහි තිබී රන් ආභරණ, ඡංගම දුරකතන, මුදල් සහ ඔවුන් පැමණි සුඛෝපභෝගී මෝටර් රථය අත්අඩංගුවට ගෙන ඇත.

නුවරඑළිය මාගස්තොට විජිතපුර ප්‍රදේශයේ ලැගුම්හලක නතර වී සිටිනා බවට ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ නුවරඑළිය පොලිසිය අදාල ලැඟුම්හල පරීක්ෂාවට ලක් කිරීමේදී මෙම භාණ්ඩ අත්අඩංගුවට ගත් බව සදහන් කරයි .

පරික්ෂා කරන අවස්ථාවේ කිසිවෙකු ඒම ලැගුම් හලේ නොසිට අතර ඔවුන් නැවතී සිටි කාමරය අගුල් දමා වසා ලැගුම්හලින් පිටව ගොස් ඇති බව එහි හිමිකරු පවසා ඇත.

අනතුරුව එම ස්ථානය පරික්ෂා කිරිමේදි බී.එම්.ඩබ්ලිව් වර්ගයේ සුඛෝපභෝගී කාර් රථයක් , තිස් දෙලක්ෂ හැත්තෑ තුන්දහස් අටසිය අනූවක මුදල් , ඇමරිකානු ඩොලර් 05ක් , වටිනාකම තක්සේරු කළ නොමැති මැණික් ගල් 91 ක් , මැණික් ගල් පරීක්ෂා කිරීමේ උපකරණයක් , මාල දෙකක් , අත් පළඳනාවක් , මුදුවක් පැනඩලයක් වලල්ලක් , ජංගම දුරකථන පහක් බැංකු ගිණුම් තුනක් , මුදල් පේෂන කාඩ් පත් දෙකක් හමුවී ඇත.

ලැකුම්හල බාරව කටයුතු කළ පුද්ගලයා මේ වන විට අත්අඩංගුවට ගත් බවත් වැඩි දුර විමර්ශන සිදු කරමින් පවතින බවත් නුවරඑළියේ මූලස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා සදහන් කරයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page