ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා මහතා සමගි ජන බලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී ඉදිරි දේශපාලන කටයුතු සමගි ජනබලවේගය සමග එක්ව කටයුතු කිරිමට අද ( 1 ) එකඟතාවයකට පැමිණෙන ලදී.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වන ෂාන් විජය ලාල් ද සිල්වා මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන ඇත.
ඔහු සමගි ජන බලවේගයේ අම්බලන්ගොඩ ආසනනයේ සමගි ජනබලවේගය ප්‍රධාන සංවිධායකවරයා ලෙස ඉදිරියේදී පත්කිරීමට නියමිත බවද වාර්තා වෙයි.
