වැට් බද්ද ඉහල නැංවීම තුලින් ජනතාවට 2023 වසරට වඩා වැඩි පීඩනයක් උදා වු නව වසරේ දී ඇති වෙන බව හා ආර්ථිකය විශාල ලෙස හැකිලීමට පත් විමෙන් ජන ජීවිතය විශාල පීඩාවකට ලක් වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි .

“ගැහැණු අපි එක මිටට මාලිමාවට” යන තේමාව මුල් කර ගෙන පැවති එම පක්ෂයේ මාතර දිස්ත්‍රික් කාන්තා සමුළුවේ දී ඔහු ඒ බව සදහන් කරයි.

කාන්තාවන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මාතර කොටුව මහින්ද විජේසේකර ක්‍රීඩාංගනයේ දී එම සමුළුව පැවැත්විය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වු අනුර කුමාර දිසානායක…..

“ජනවාරි 01 වැනිදා සිට අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවන් රාශියකට ආණ්ඩුව විශාල ලෙස වැට් බද්ධ ගහන්න පටන් ගෙන තිබෙනවා.අපේ රටේ වැට් පනත අනුව මීට පෙර ජනතාවට සමීප භාණ්ඩ හා සේවාවන් 138 ක් වැට් බද්දෙන් නිදහස් කරලයි තිබුනේ.ඇයි ඒවා නිදහස් කර තිබුණේ ජන ජීවිතයට ඒවා ඉතාමත් සංවේදී නිසයි.නැත්නම් කලිනුත් ඒවාට වැට් ගහන්න තිබුණා.

තෙල් ඩීසල් ආර්ථිකයට ඉතා සංවේදියි.අමු ද්‍රව්‍ය ආර්ථිකයට ඉතා සංවේදියි.ඒ කියන්නේ ජනතාවට හා ආර්ථිකයට ඉතා සංවේදී දේවල් වැට් බද්ධ යටත් කලේ නෑ.ඒ නීසා ආර්ථීකයේ වැදගත් සාධක වලට ආර්ථීකය ඉදිරියට යාමට බාධාවක් වන දේවල් වලට වැට් ඇතුලත් කලේ නැහැ .

හැබැයි ඒ කිසිවක් තැකීමක් නොකර ජනවාරි 01 වැනිදා සිට සියල්ලටම වැට් ගහන්න පටන් ගෙන තිබෙනවා.ගෑස්,කිරි,පාසල් උපකරණ ජනතාවට ඉතා සමීප නිසා වැට් ගැහුවේ නෑ.ඒත් මේ ආණ්ඩුව ඒ ක්ෂේත්‍ර පවා වැට් බද්දට ඇතුලත් කර තිබෙනවා.

2023 ආර්ථික අර්බුදය තුලින් ඔබේ ජීවිතයට ගෙන ආ පීඩාවන්ට වඩා වැඩි පීඩනයක් මේ වසරේදී රනිල් රාජපක්ෂ ආණ්ඩුව කිසිදු සංවේදී භාවයකින් තොරව ඔබට ගෙනවිත් දී තිබෙනවා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page