ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සඳහා ඉදිරිපත් වීමේදී නිදහස් ජනතා සන්ධානය කුමන ආකාරයේ උපාය මාර්ගික සැලැස්මක් සකසා ගතයුතුද යන්න පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය සමග පසුගියදා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී පැවැත්විය.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් එහි සභාපති ඩිව් ගුණසේකර මහතා සහ ඒහි ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ ද නිදහස් ජනතා සන්ධානයේ ප්‍රධාන ලේකම් තිලංග සුමතිපාල ඇතුළු එම සන්ධානයේ ප්‍රධාන පෙළේ දේශපාලන නායකයන් කිහිපදෙනෙක්ද මෙම සාකච්ඡාව සඳහා සහභාගී විය.

නිදහස් ජනතා සන්ධානයේ සියලු සන්ධානගත පක්ෂ සහ කණ්ඩායම් සමග ඉදිරියේ දි සාකච්ඡා සිදුකෙරෙන බව එහිදී සදහන් කරන ලදි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page