මධ්‍යම තැපැල් හුවමාරුවට එවූ පාර්සල් 11 ක තිබී රුපියල් කෝටි එකහමාරක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂ සීවලි අරුග්ගොඩ මහතා සදහන් කරයි.

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් ඊයේ ( 4 ) මධ්‍යම තැපැල් හුවමාරුව තුළ කළ ආවේක්ෂණ රාජකාරිවලදී මත්ද්‍රව්‍ය අඩංගුවේ යැයි සැකපිට පාර්සල් 11 පරීක්ෂණ කළ බවත් එම පාර්සල් ජර්මනිය සහ එංගලන්තය යන රටවල්වල සිට ඒවා ඇත.

කොළඹ, නුගේගොඩ, පානදුර, අනුරාධපුර සහ මහනුවර යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් වෙත එවා තිබුණ ඒම පාර්සල් වල සදහන් ලිපිනයන් ව්‍යාජ ඒවා බව තහවුරු වූ බවත් ඒ මහතා පවසයි

‘එක්ටසි’ නැමැති ‘මෙතන්පිටමයින්’ අඩංගු මත්පෙති 1,055 ක්, කුෂ් නැමැති ගංජා ග්‍රෑම් 318 ක් සහ ගංජා ඇට 15 ක් ඒම පාර්සල් තුල අත්අඩංගු බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා එම මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 13 කට ආසන්න බව ද සඳහන් කළේය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page