සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම, ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවකු වන දැනට අත්අඩංගුවට ගෙන රැඳවුම් බාරයේ සිටින ගණේමුල්ලේ සංජීව නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ මුදල් උණ්ඩියල් ක්‍රමයට හුවමාරු කිරීමේ නිරතව සිටින 39 හැවිරිදි ප්‍රධාන සැකකරුවෙකු රාගම පේරලන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
ගණේමුල්ලේ සංජිව නමැත්තා සම්බන්ධයෙන් විමර්ශන කරන මහබාගේ පොලිස් කණ්ඩායමට සැකකරු සම්බන්ධයෙන් හෙළිවූ තොරතුරකට අනුව ඊයේ පස්වරුවේ රාගම පේරලන්ද ප්‍රදේශයේ දී ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී .
මෙම සැකකරු වත්තල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ක්‍රිකට් පුහුණුකරුවකු බවත් ගණේමුල්ලේ සංජිවට අයත් ගිනි අවි මෙම සැකකරු සතුව ඇති බවට ලැබුණු තොරතුරු අනුව ඔහුගේ නිවස පරීක්ෂා කර ඇති අතර, පසුව ඔහු ක්‍රීඩා පුහුණුව සිදු කරන පාසලට ගොස් ඔහුගේ කාර්යාලය පරීක්ෂා කිරීමේ දී එහි තිබි ටී 56 ගිනිඅවියක් මැගසින් හතරක්, උණ්ඩ 120 ක්, මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 20 ක් සොයා ගන්නා ලදි.
ඊයේ (4) පස්වරුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබු ඔහු සන්තකයේ තිබු මෙම ගිනි අවිය ඇතුළු උණ්ඩ කිසිවකුටත් සොයා ගැනීමට නොහැකි වන පරිදි සූක්ෂම ලෙස සඟවා තිබූ බවද පොලිසිය සදහන් කරයි
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ දිනවල ක්‍රියාත්මක වන මෙහෙයුම් වලින් බේරීම සඳහා සැකකකිසිවෙකුටත් සැක නොහිතන ආකාරයට පාසලට රැගෙන විත් මෙලෙස සඟවා තබා ඇති බවට පොලිසිය සැක කරයි.
,ඔහු වසර කිහිපයක සිට ඉහත පාසලේ ක්‍රිකට් පුහුණුකරු වශයෙන් කටයුතු කරමින් සිටන අතර ණේමුල්ලේ සංජිව නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ මුදල් උණ්ඩියල් ක්‍රමයට ජාවාරම්කරුවන් අතට පත්කිරීමේ නිරතව සිටින්නකු බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදු කරනු ඇත.
