බීඩී කර්මාන්තය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්
ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (04)
දින පැවැත්විණි.
බීඩි කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය පිළිබඳ බදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම සහ විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ නැවත එය සකස් කිරීමට මෙන්ම අමුද්‍රව්‍ය නීති විරෝධී අයුරින් ආනයනය වැළැක්වීමට පියවර ගැනීම පිළිබඳ මෙහි දී මුලිකව අවධානය යොමු කොට ඇත .
බීඩි කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයේ දී මතුව ඇති ගැටලු සහ අක්‍රමිකතා හේතුවෙන් මේ වන විට කර්මාන්තයට හා රාජ්‍ය ආදායමට සිදුවන ගැටළු පිළිබඳව ද මෙහිදි අවධානය යොමු කරන ලදි
තවද ආනයනකරුවන් සහ බීඩි නිෂ්පාදන ආයතන වාර්ෂිකව ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන්ද එකඟතාවයකට පැමිණීම මෙහි දී සිදු වූ අතර ලියාපදිංචි ගාස්තුව සංශෝධනය කිරීම පිළිබඳව හා කපා සකසන ලද තෙන්දුකොල ආනයනය කිරීම වැළක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කර්මාන්තය ආශ්‍රිතව පවතින ගැටලු විසඳීම සඳහා විධිමත් නීති රාමුවක් සකස් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් සාගල රත්නායක මහතා, මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් දෙන ලදී .
