මූලික අයිතිවාසිකම් කඩකිරීම යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවන් ලෙස නම් කර ඇති වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුලු නිලධාරීන්ට අපරාධ නඩු පවර ලෙස ඉල්ලා නීතීඥ සාමූහිකය විසින් ඊයේ (05) දින නීතිපතිවරයාට ලිපියක් යොමු කර ඇත
පෙත්සම්කාර රංජිත් සුමංගල යන මිරිහාන පොලිස් ස්ථානයේ පොලිස් අත්අඩංගුවේ සිටියදී වත්මන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු ඉහත නම්කර ඇති පොලිස් නිලධාරීන් විසින් පහරදී ඇති බවත් එ මඟින් පෙත්සම්කරුගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 12(1), 13(1) සහ 13(2) වගන්ති මගින් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් කඩකර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇති බව ද නීතීඥ සාමූහිකය මෙම ලිපිය මඟින් පෙන්වා දි තිබෙනවා
ඉහත කී නඩු තීන්දුව මගින් එම වධහිංසා පැමිණවීමේ වරදට සම්බන්ධ පැහැදිලිව පිළිගත හැකි කරුණු පවතින බව පෙන්නුම් කරන බැවින් එම වරද සම්බන්ධයෙන් එම නිළධාරීන්ට එරෙහිව වහා නඩු පැවරීම නීතිපතිවරයාගේ පරම යුතුකම බව අදාළ ලිපියේ තවදුරටත් සඳහන්.
ඒ අනුව, දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පති තනතුරේ රැඳී සිටීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කිරීමට නොහැකි අතර අදාළ විමර්ශනය අවසන් වනතුරු ඔහු ධූරයේ කටයුතු කිරීම අත්හිටුවන ලෙසට සුදුසු බලධාරීන්ට උපදෙස් දීම නීතිපතිවරාය පැවරී ඇති යුතුකමක් ලෙස නීතිඥ සාමූහිකය විසින් වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.
