විදේශගත ශ්‍රමිකයන් පසුගිය දෙසැම්බර් මස පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 569.7 කට ආසන්න මුදලක් ශ්‍රී ලංකාවට එවා ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සදහන් කරයි.
පසුගිය 2022 වසරේ මැයි මාසයේදී තමන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස වැඩ භාරගත් බවත් එදින සිට 2023 දෙසැම්බර් 31 දින දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 8720 ක් විදෛ්ශ ප්‍රේෂණ ලෙස මෙරටට ගෙන්වා ඒමට කටයුතු කල බවත් ඔහු සදහන් කර සිටියා .
ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන් වෙහෙස මහන්සි වී විශාල කැපකිරීම් රාශියක් කරමින් මේ රට මුහුණ දුන් ආර්ථික අර්බුදය මගහරවා ගැනිමට විශාල දායකත්වයක් ලබා දුන් බවත් ඔවුන් සියල්ලම ඉතා ගෞරවයෙන් අගය කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කලා.
ශ්‍රී ලංකා මහ බැංකු දත්ත අනුව, 2022 වසරට සාපේක්ෂව 2023 වසරේ විදෙස් ප්‍රේෂණ ලැබිම සියයට 57.5 ක වර්ධනයක් ලබා ඇති බවත් 2023 වසර සඳහා විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඇමෙරිකානු ඩොලර් මිලියන 5,969.6 ක් ලැබුණු බවත් ඔහු සදහන් කරන ලදි.
