ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡාකර තීන්දුවක් ගැනීමට නොහැකි වුවහොත් එළැඹෙන පක්ෂ සම්මේලනයේදී නව නායකයා තෝරාගැනීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පවසා සිටි .
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතාගේ නිල නිවසේ ඊයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේය.
මේ සම්බන්ධයෙන් පසුගිය දා සාකච්ජාවක් පවත්වා ඇති අතර පක්ෂයේ නව නායකත්වය සඳහා නම් තුනක් ඉදිරිපත් වී තිබෙන අතර සාකච්ජා කර එක් පුද්ගලයෙක් තෝරා ගැනීමට නොහැකි වුවහොත් පක්ෂයේ ව්‍යවස්ථාව අනුව ජන්දයක් පැවැත්වීමට කටයුතු කරන බවයි සුමන්තිරන් මහතා කියාසිටියේ
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකත්වය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.යෝගේෂ්වරන් යන මහත්වරුන් ඉදිරිපත් වී තිබේ.
