සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වූයේ එම ධූරය සඳහා මීළගට පත් වීමට නියමිත පුද්ගලයාගෙන් ලක්ෂ 900 ක් මුදලක් ලබා ගෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සදහන් කර සිටිනවා
පසුගිය දා පාර්ලිමේන්තුවේදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව ප්‍රකාශ කල අතර ඔහු සඳහන් කළේ චමින්ද විජේසිරි මහතා ඉවත් වීමෙන් පුරප්පාඩු වන මන්ත්‍රීධූරය සඳහා පත් වීමට නියමිතව ඇත්තේ දිවිත්ව පුරවැසියෙක් බවයි.
සිය දරුවන් පාසල් යැවීමට නොහැකි ඇති බවත් තමා කළකිරී ඇති බවත් පවසමින් චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තු ධූරයෙන් ඉවත් වීම මාධ්‍ය තුළ මන්ත්‍රීවරු සියලු දෙනාම හෑල්ලු කරමින් වාර්තා කර ඇති බව ඔහු තවදුරටත් සඳහන් කළා.
