බලපත්‍රයක් නොමැති අධි බලැති ස්කෑනර් යන්ත්‍රයක් විකිණීමට රැගෙන ගිය බවට සැකපිට වෛද්‍යවරයෙකු ඇතුලු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශය පවසයි.
රාජ්‍ය බුද්ධි අංශයට හා අපරාධ විමර්ශන කාර්යංශයට අනියුක්ත මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලැබුනු විශේෂ තොරතුරකට අනුව වන්නි දිසාව භාර නියෝජ්‍හා පොලිස්පතිතුමන්ගේ උපදෙස් පරිදි පොලිස් නිලධාරීන් පිරිසක් වව්නියාව නගරයේ සිදුකල විශේෂ සෝදිසියකදී මෙම ස්කෑනර් යන්ත්‍රය සොයාගනු ලැබ ඇත.
විදෙස් රටක නිශ්පාදිත, බලපත්‍ර නොමැතිව මෙරටට ගෙන්වා ඇති ඒම ස්කෑනර් යන්ත්‍රය ඔවුන් රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් අතර ඔවුන් පැමිණි කාර් රථයේ සහ වෑණ් රථයේ අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර 38 හැවිරිදි කලාවැව ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙකු සහ 31 හැවිරිදි වව්නියාව මණිපුරම් ප්‍රදේශයේ පදිංචි අයෙකු මෙන්ම 36 හැවිරිදි වව්නියාව කූමාන්කුලම් ප්‍රදේශයේ පදිංචි තිදෙනෙකු වන අතර තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ අතර එය වෙනත් අයෙකුට රුපියල් ලක්ෂ 15 කට විකිණීම සඳහා රැගෙන ගොස් ඇතැයිද පොලීසියට අනාවරනය වී ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව වව්නියාව මහෙස්ත්‍රාත් අධිකරණය වෙතට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද වව්නියාව කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුරටත් පැවසීය.
