ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සැලකිය යුතු දියුණුවක් පෙන්නුම් කර ඇති අතර ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් ශක්තිමත් නායකත්වය පිළිබඳව තම ප්‍රසාදය පළ කරන බව ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා ( Shunichi Suzuki ) සදහන් කර සිටි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේ දී ශ්‍රී ලංකාව එහි පළමු සමාලෝචනය සාර්ථකව අවසන් කර ඇති බවත්, ශ්‍රී ලංකාවේ මෙම අභියෝගාත්මක ප්‍රතිසංස්කරණ ජාත්‍යන්තර ප්‍රජාවේ පැසසුමට ලක්ව තිබෙන බවත් ජපාන මුදල් අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පැවති සාකච්ඡාවෙදි පවසන ලදි .

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වයේ පවතින මෙම ධනාත්මක තත්ත්වය සුබවාදී බවත් එයින් ශ්‍රී ලංකාව කෙරෙහි නිල සහ පෞද්ගලික යන දෙ අංශයයේම ණයහිමියන්ගේ ජාත්‍යන්තර විශ්වාසය වැඩි දියුණු කිරීමේ හැකියාව පවතින බවත් ඒ මහතා සඳහන් කරයි

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page