ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරනයට එක්සත් ජාතික පක්ෂයේ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් විමට තිරණය කිරිමත් සමග එක්සත් ජාතික පක්‍ෂ දිස්ත්‍රික් සම්මේලන මාලාව ආරම්භ කිරිමට කටයුතු කර ඇත .
ඒ අනුව පළමු සම්මේලනය අද (13දා) ගාල්ල නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත් වෙයි.
එක්සත් ජාතික පක්‍ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, ගාලු දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ නායක වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මේලනය ආරම්භ කරන අතර කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතා ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන දේශපාලන අධිකාරිය ද මේ සඳහා සහභාගි වීමට නියමිතයි.
මෙම මස 13 වැනිදා ගාල්ල දිස්ත්‍රික්කය ආවරණය වන පරිදිත්, 14 වැනිදා හම්බන්තොට දිස්ත්‍රික්කය සහ කළුතර දිස්ත්‍රික්කය ආවරණය වන පරිදිත්, 15 වැනිදා රත්නපුර දිස්ත්‍රික්කය ආවරණය වන පරිදිත් මෙම දිස්ත්‍රික් සම්මේලන පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි සංවිධානය කර තිබෙන මෙම රැස්වීම් මාලාව දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට ගොඩනැඟීම වෙනුවෙන් ගෙන යන ලබන වැඩපිළිවෙළ සම්බන්ධයෙනුත්, එක්සත් ජාතික පක්‍ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් දැනුවත් කිරිම මුලික අරමුණ වේ.
