රජයේ රෝහල් සඳහා පසුගිය වසරේදී ගත් ඖෂධ වෙනුවෙන් රුපියල් බිලියන 13.14 ක මුදලක් ඖෂධ සැපයුම්කරුවන් හා නිෂ්පාදකවරුන් වෙත ගෙවිය යුතු බව සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (12 ) සඳහන් කර සිටියා.
ඖෂධ නියාමන අධිකාරියේ දත්තවලට අනුව අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 850 ක් වන අතර, ඉන් 60 කට ආසන්න ප්‍රමාණයක් රජයේ රෝහල්වල හිඟ පවතින බවත් ඉන් අත්‍යවශ්‍ය ඖෂධ 30 ක් පමණ මෙම මාසය තුළ ලබාගැනීමට කටයුතු කර ඇති බවත් ඇමැතිවරයා සදහන් කර සිටියා .
ඖෂධ මිලදී ගැනීම සදහා මෙම වර්ෂයට රුපියල් බිලියන 170 ක් වෙන් කර ඇති බවත් හිඟ බිල්පත් මේ වසර තුළ ගෙවා අවසන් කිරිමට කටයුතු කරන බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කලා.
