වැඩි මිලට දියර පොහොර ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට රහස් පොලිසියේ සහ අල්ලස් හා දූෂණ කොමිසමේ පරීක්ෂණ දෙකක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය රහස් පොලිසියට මෙන්ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට කරුණු වාර්තා කර ඇති බවත් ඒම සිදු වීම තමන් අමාත්‍ය ධුරය බාර ගැනිමට පෙර සිදු වුවක් බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරයි

ඇමරිකා ඩොලර් පහට ආනයනය කළ හැකිව තිබූ දියර පොහොර බෝතලයක් සඳහා අවස්ථා දෙකකදී ඇමරිකා ඩොලර් 12.5ක් හා ඩොලර් 10ක් බැගින් ගෙවා ඉන්දියා සමාගමකින් ආනයනය කර රජයට රුපියල් කෝටි හැත්තෑ එකකට වැඩි පාඩුවක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page