අමාත්‍ය නිල නිවාස එකොළහකගෙ ජල බිල්පත් වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් ලක්ෂ 46 කට ආසන්න මුදලක් දීර්ඝ කාලීනව නොගෙවා ඇත බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලයේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේ මේ පිළිබඳව සඳහන් වේ.
ඒම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ කොළඹ නගර සභාවේ රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක්ද ගාල්ල නගර සභාවේ නීති විරෝධී ජල සම්බන්ධතා දෙකක් සම්බන්ධයෙන් රුපියල් ලක්ෂ දාහතක මුදලක්ද 2022 වර්ෂය අවසන් වනවිටත් අයකරගෙන නොතිබූ බවයි.
ඒසෙම මණ්ඩලයේ හිටපු සභාපතිවරයාට වාහන තුනක් සහ හිටපු උපසභාපතිවරයාට වාහන දෙකක් මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව ලබා දී ඇති බවත් මණ්ඩලයේ හිටපු සභාපතිවරයාට සහ උප සභාපතිවරයාට මසකට ඉන්ධන ලීටර් 150 ට අමතරව රුපියල් 60,000 ක ඉන්ධන අත්තිකාරමක්ද මහා භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව ගෙවා තිබූ බව එහි සදහන් වේ.
