දෙමළ ජාතික සන්ධානයේ නව නායකයා ලෙස තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒස්.ශ්‍රිධරන් මහතා ඊයේ (21) දින සවස කිලිනොච්චිය කනකපුරම් ප්‍රදේශයේ පිහිටි මහවිරු සුසාන භූමියට පැමිණ යුද්දයෙන් මිය ගිය මහවිරුවන් සිහිපත් කිරීම සිදු කරන ලදි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒස්.ශ්‍රීධරන් මහතා ත්‍රීකුනාමලයේ පැවති පක්ෂ නියෝජිතයින්ගේ රැස්වීමේදී පැවති ඡන්ද විමසීමේදී දෙමල ජාතික සන්ධාන නව නායකයා ලෙසින් තේරිපත්වීමෙන් අනතුරුව සිදු කල පලමු කටයුත්ත ලෙස කිලිනොච්චියට පැමිණ මහවිරු සුසානභූමියට ගොස් මිය ගිය මහවිරුවන් සැමරීම දැක්විය හැක.

ඒම සැමරුමෙන් අනතුරුව විනායගර් හින්දු කෝවිලට ගොස් ඒහි පැවති විහේෂ දේව මෙහෙයකට සහභාගී වී දේවාශිර්වාද ලබා ගැනීමට ඔහු කටයුතු කරන ලදි.

ප්‍රදේශවාසී ජනතාව හා පාක්ෂිකයින් විසින් ඒස්.ශ්‍රීධරන් මහතාට නව නායකත්වය වෙනුවෙන් සභපැතූ අතර ලබන 28 වනදා දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ මහසම්මේලනයේදී ඒස්.ශ්‍රීධරන් මහතා දෙමළ ජාතික සන්ධානයේ නව නායකයා ලෙසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත් බවටද පක්ෂ නියෝජිතයින් පවසා සිටියා .

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You cannot copy content of this page