ගැසට් නිවේදනය ද නිකුත් කරමින්
ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය සහ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමය සදහා පත්කර තිබූ අතුරු කමිටු විසුරුවා හැරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පියවර ගෙන ඇත.
එවකට ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රොෂාන් රණසිංහ විසින් 2023 වසරේ ජුලි මස 28 වැනි දින කරාතේ දෝ සම්මේලනයේ ලියාපදිංචිය අත්හිටුවා එම සංගමයේ කටයුතු තාවකාලිකව පවත්වාගෙන යාමට අතුරු කමිටුවක් පත්කර අතර වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අදාළ ගැසට් පත්‍රය අවලංගු කර ඇති අතර, කරාතේ දෝ සම්මේලනයේ කටයුතු මීට පෙර පැවති නිලවරණයෙන් තේරී පත්වූ නිලධාරී මණ්ඩලයට පවරා තිබේ.
ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ ලියාපදිංචිය ද පසුගිය වසරේ අගෝස්තු මස 09 වැනි දින තාවකාලික ව අත්හිටුවා අතුරු කමිටුවක් පත්කිරීමට රොෂාන් රණසිංහ මහතා විසින් කටයුතු කර තිබුණු අතර ඊට අදාළ ගැසට් නිවේදනය ද අවලංගු කර එම සංගමයේ කටයුතු ද පෙර පැවති නිලධාරී මණ්ඩලය වෙත පැවරීමට වත්මන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් පියවර ගෙන ඇත
