සියලු පක්ෂ ඒකතු කරමින් විශාලතම නව සන්ධානය ගොඩනගන බව ඊයේ (27) ජා ඇල නගරයේ පැවති පළමු ජනරැළිය අමතමින් නිමල් ලාන්සා සදහන් කර සිටියා .
ඉතිහාසයේ පළමු වතාවට ලාංජනයක් නැතිව, පක්ෂයක් නැතිව වැඩසටහනක් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් විශාල ජනතාවක් ඒකරාශී වෙලා තියෙනවා. නායකයෙක්, නායකත්ව මණ්ඩලයක් නැතිව අපගේ ආරාධනය පිළි අරගෙන පැමිණීම ගැන අපගේ ස්තූතිය ජනතාවට පිරිනමනවා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා….
සන්ධානය ලෙස එකතුවෙන්නේ බොරු පොරොන්දු දෙන්න නෙවෙයි .ආර්ථික වැඩපිළිවෙල ශක්තිමත් කරලා රට ගොඩගන්න.අද සමහර දේශපාලඥයෝ කටින් බතල හිටවනවා. පපුව පලලා දෙන්න කතා කරන්නේ. හැබැයි පපුව දෙන්නෙත් නැහැ. සතපහක් දෙන්නෙත් නැහැ. කල්පනා කරලා බලන්න මේ අය පසුගිය කාලය තුළ ව්‍යාපාරිකයෝ, දේශපාලඥයෝ විදියට ජීවත්වුනා. ඒ කිසිම කෙනෙක් ඔබලට උදව් කරලා නැහැ. ඇහුම්කන් දීලා නැහැ.
කොරෝනා අවස්ථාවේ, පාස්කු ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ උදව් කරලා නැහැ. මුකුත් කරලා නැහැ. හැබැයි වේදීකාවේ පපුව පළලා දෙන්න හදනවා. ඇහුම් කන් දුන්නේ, ප්‍රශ්න විසදුවේ, උදව් කළේ කවුද කියලා ජනතාව තේරුම් ගන්න ඕනේ.
